Skip to main content
දාන පිටුව වෙත ආපසු

විහාර ගොඩනැගිලි අරමුදල

අනාගත පරපුර සඳහා අපගේ විහාරස්ථානයට ස්ථිර ගොඩනැගිල්ලක් මිලදි ගැණිමට උදව් කරන්න.

0% ක් සපුරා ඇත 0 CHF
0 ක් එකතු වී ඇත ඉලක්කය: 1,000,000 CHF

විදේශයක ඉඳිවන මෙම බෞද්ධ මධ්‍යස්ථානය වෙනුවෙන් දායක වීමෙන් ලැබෙන අසිරිමත් පුණ්‍ය මහිමය, මියගිය දෙමාපිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, ජීවත්ව සිටින ඔබටත් දරුවන්ටත් ආශිර්වාදයක් කර ගැනීමටත් මෙය මහඟු අවස්ථාවකි. ශාසනික ලැදියාවෙන් යුතුව ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් මෙම මහා පින්කමට දායක වන ලෙස මෙත් සිතින් ආරාධනා කරමු.

ඔබ අද තබන එක් පියවරක්, මතු පරපුර උදෙසා ඉතිරිවන ශාසනික දායාදයක් වනු ඇත.

අරමුදලේ අරමුණ

සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසාත්, බෞද්ධ වත්පිළිවෙත් ඉටුකිරීමට සුදුසු පසුබිමක් සැකසීම, විවිධ ජාතීන් හා ඇති සංස්කෘතීන් අතර සහජීවනය වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, පූජ්‍ය ලේඩියන්ගල සුදස්සි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ස්විට්සර්ලන්තයේ Ostschweiz St. Gallen ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ඉඩකඩක් සහිත නිවසක් මිලදී ගෙන ස්ථිර විහාරස්ථානයක් සහිත, භාවනා කිරීමට කැමැති සැමට ඒ සඳහා සුදුසු පහසුකම් සහිත භාවනා මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට අප බලාපොරොත්තු වෙමු.

දායක විය හැකි ආකාර

1. විහාරස්ථ බෞද්ධ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම

සංගමයේ සාමාජිකයෙකු වීම තුළින් විහාරස්ථානයේ අනාගත උභය අර්ථය සාධනය කරලීමටත්, නීත්‍යනුකූල පදනම ශක්තිමත් කරමින් එහි සංවර්ධන කටයුතු සඳහා සක්‍රිය මැදිහත්කරුවෙකු ලෙස දායක වීමටත් ඔබට අවස්ථාව හිමි වේ.

සාමාජිකත්වය ලබා ගන්නා පින්වතුන් විහාර අරමුදල වෙනුවෙන් මසකට අවම වශයෙන් 25.00 Fr බැගින් ප්‍රදානය කිරීමට එකඟ විය යුතුය. (මෙය සංගමයේ යෝජනා සම්මතයෙන් ස්ථීර වූවකි.)

2. මූල්‍යමය පරිත්‍යාගයන් සිදු කිරීම

විහාරස්ථානය මිලදී ගැනීම සඳහා වන මූල්‍ය ඉලක්කය වසර 2ක් තුළ සපුරා ගැනීමට අපේක්ෂිතය.

මූලාධාර දායකත්ව කාණ්ඩ

වසර දෙකක කාලසීමාව තුළ පහත සඳහන් ඕනෑම මූලාධාර කාණ්ඩයක් තෝරාගෙන ඔබට ශක්ති ප්‍රමාණයෙන් දායක විය හැකිය.

  • 1000.00 Fr හෝ ඊට වැඩි දායකත්ව කොටස්
  • 750.00 Fr දායකත්ව කොටස්
  • 500.00 Fr දායකත්ව කොටස්

ඇස්තමේන්තුගත මුළු වටිනාකම

  • ස්විස් ෆ්‍රෑන්ක් ලක්ෂ 10ක් පමණ: 1,000,000.00 Fr
  • මූලික බැංකු ගෙවීම ලෙස 20%ක්, එනම් ලක්ෂ 2ක මුදලක් මූලිකව අවශ්‍ය වේ: 200,000.00 Fr
  • නඩත්තු හා අනෙකුත් වියදම් සඳහා අමතර ලක්ෂ 1ක් හෝ 1.5ක් අවශ්‍ය වේ.
  • එබැවින් අපගේ මූලික අරමුදල් ඉලක්කය ලක්ෂ 3ත් 4ත් අතර වේ.

වැඩිදුර තොරතුරු සඳහා

පහත සඳහන් කළමනාකාරී මණ්ඩලයේ සාමාජිකයන් අමතන්න:

  • පූජ්‍ය ලේඩියන්ගල සුදස්සි ස්වාමීන් වහන්සේ (විහාරාධිපති සහ සභාපති): 0041 71 534 47 08, 0041 78 850 47 16
  • රනිල් ජයනෙත්ති මයා (ලේකම්): 0041 76 367 22 60
  • නුවන් පෙරේරා මයා (භාණ්ඩාගාරික): 0041 78 690 78 50
  • සමන්ති ප්‍රනාන්දු මිය (උප ලේකම්): 0041 76 281 68 52

තෙරුවන් සරණයි! සුබ දීඝායුකෝ භව!

බැංකු ගිණුම් විස්තර

ගිණුමේ නම
ස්විස් බෞද්ධ සංගමය (Schweizerische Buddhistische Gesellschaft e.V.)
බැංකුව
Raiffeisenbank Appenzeller Hinterland
ලිපිනය
Burghalden 06 , 9100 Herisau , Switzerland
IBAN
CH23 8080 8008 4488 1191 9
BIC / SWIFT
RAIFCH22
යොමු සටහන
Donation – Swiss Maha vihara